Jok Video Sinhala

මේකයි කතාව දවසක් ගැහැණු කෙනෙක් තරු පහේ හෝටෙලෙකට ගියා දවසක් ගත කරන්න.හැබැයි මෙයා ලොකු සල්ලි කාරියක් නෙමෙයි.ඒවගේ ගණන් ගැනත් මෙයාට ලොකු අවබෝධයක් තිබුන් නැහැ. සුඛෝපබෝගී රාත්‍රියක් ගත කළ ඇය ඊලග දිනයේ පිටවී යාමට පෙර කැෂියර් ගාවට ගියේ බිල ගෙවන්නයි බිල දැක්ක මෙයාට තරුම පෙනුනා බිලේ $ 500 ක් කියලා තිබ්බේ.මෙහිදී කැෂියර් සහ කාන්තාව අතර මෙහෙම කතාවක් ගියා කාන්තාව - මට මෙච්චර බිලක් එන්න කොහම විදියක්වත් නැහැ. කැෂියර් - ඇයි නෝනා එහෙම කියන්නේ මේක තරු 5 හොටලයක්නේ.මේකේ තියෙනවා swimming pool එකක්. කාන්තාව - ඉතින් මන් ඕක පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනට පාවිච්චි කරන්න තිබ්බ නේ.

New Sinhala Joke Video
කැෂියර් - තව බලන්න නෝනා මේකේ තියෙනවා international conference rooms,night clubs & movie theaters. කාන්තාව - අනේ මන් ඕව එකක් වත් පාවිච්චි කලේ නැහැ. කැෂියර් - ඉතින් නෝනා පාවිච්චි කරන්න තිබ්බ නේ. කැෂියර් ගෙන් බේරුමක් නැති බව දැනගත් කාන්තාව තම චෙක් පොත ගෙන චෙක් එකක් ලිය දුන්නේය. කැෂියර් - නෝනා නෝනට පොඩ්ඩක් වැරදිලා ගාන $ 500 යි $ 250 නෙමයි.